Sunday, October 27, 2024
Follow Us
ඇමති විමල් තල් සංවර්ධන මණ්ඩලයේ නාම පුවරුව වෙනස් කරයි

පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැසීගිය ආයතන පිළිබදව නිරික්ෂණ චාරිකාවක අමාත්‍ය විමල් වීරවංශ මහතා නියැලිනි.

එහිදී තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරම තල්කෙදි සැකසුම් මධ්‍යස්ථානයේ නාම පුවරුවෙහි පැවතියේ අනුපිළිවෙලින් දෙමළ, සිංහල, සහ ඉංග්‍රීසි වශයෙනි. මෙම නාම පුවරුව විවෘත කිරීමේදී මෙහි ඇති අඩුපාඩුව සම්බන්ධයෙන් තම සභාපතිවරයා දැනුවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මෙම නාම පුවරුව සම්බන්ධයෙන් සමාජ ඡාලාහි දැඩි විවේචනයක් එල්ල වෙමින් පැවති අතර අද දිනයේ විමල් වීරවංශ මහතා තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් සහ ඡායාරූප එක් කරමින් පවසා ඇත්තේ එය නිවැරදි කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.

(Lanka Leads)