Sunday, October 27, 2024
Follow Us
හඬපට ගැන ගිහාන් පිලපිටියගෙන් පැය 05 ක් ප්‍රශ්න කරලා

රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (19) පස්වරුවේ පිලපිටිය මහතාගෙන් පැය 05 ක් පමණ ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයාගේ නියෝගයකට අනුව මෙසේ ගිහාන් පිලපිටිය මහතාගෙන් දුරකථන හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිණි.

මෙම සිදුවීමට අදාලව ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ.

ගිහාන් පිලපිටිය මහතාට අමතරව ධම්මික හේමපාල මහතාගෙන් සහ හිටපු මහාධිකරණ විනිසුරුවරියක වන පද්මිණි එම්. රණවක මහත්මියගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

(LNW)