Sunday, October 27, 2024
Follow Us
වාහන යෝග්‍යතාවට නව පරීක්ෂණයක්

වාහන ධාවනය කිරීමේ යෝග්‍යතාව සහතික කිරීම සඳහා සිදුකරන විවිධ පරීක්ෂණ වෙනුවට ධාවන යෝග්‍යතා පරීක්ෂණය නමින් නව පරීක්ෂණයක් හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

මෙතෙක් සිදුකරන වායු විමෝචන පරීක්ෂණය ද ප්‍රමාණවත් නොවන බව අමාත්‍යාංශයේ අදහසයි. නිසි කළමනාකරණය නියාමනය සහ ජනතාවගේ පහසුව සඳහා නව පරීක්ෂණය හඳුන්වා දෙන බව ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

දැනට දිවයින පුරා වායු විමෝචනය පරීක්ෂණ මධ්‍යස්ථාන හාරසිය තිස් එකක් ස්ථාපිත කර ඇත. නව පරීක්ෂණය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය මත සිදු කිරීමට නියමිතය. වාහන හිමිකරුවන්ට රක්ෂණ වාරික මගින් හිමි වන පරිදි යෝග්‍ය ප්‍රතිලාබ නිර්මාණය කිරීමට ද මෙමගින් අවස්ථාව උදාවන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ධාවන යෝග්‍යතා පරීක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ඇමැති මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් ද පත් කිරීමට නියමිතය.

(Aruna)