Sunday, October 27, 2024
Follow Us
නල්ලතන්නියේ සිට ශී‍්‍ර පාද උඩ මළුව දක්වා බුලත්විට තහනම්

නල්ලතන්නියේ සිට ශී‍්‍ර පාදය උඩමළුව දක්වා බුලත්විට අළෙවි කිරීම සහ බුලත්විට කෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබෙනවා.

මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී ඇත්තේ බුලත් කෙළ ගැසීම හේතුවෙන් ශී‍්‍රපාද පුදබිම අපවිත‍්‍රවීම සහ බුලත්විට කෑමෙන් පිළිකා රෝග ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන්.

ශී‍්‍ර පාද පුදබිම පිරිසිදුව තබාගැනීමේ අරමුණින් මෙවර ශී‍්‍ර පාද වන්දනා සමයේදී සියළු දෙනාගේ එකඟතාව මත මෙවැනි තීරණයක් ගත් බවයි නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී ජී එච් එස් ගෝදාපතිරණ සදහන් කළේ.

කෙසේවෙතත් නල්ලතන්නියේ සිට ශී‍්‍රපාද උඩමළුව දක්වා ඇති වෙළදසැල්වල ඔසුවිට නමින් විටක් අළෙවි කරන බව ශී‍්‍රපාද වන්දනාකරුවන් සදහන් කළා.

(Neth)