Sunday, October 27, 2024
Follow Us
යුද සමයේ සිදු වූ ඝාතන ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – උතුරු පළාත් හිටපු මහ ඇමති

යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරම් මහතා පවසයි.

ජාත්‍යන්තරයේ සියලු රටවල් එක්ව යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වා ඉන් පීඩාවට පත් වූවන්ට සාධාරනයක් ඉටු කර දිය යුතු බවයි විග්නේශ්වරන් මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති ජාත්‍යන්තර දෙමළ සංවිධානයේ 6 වැනි සැමරුම් වැඩසටහනට සහභාගි වී මෙන් පසු පැවති දේශනයකටදී ය.

වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ බහුතර සිංහල ජනතාවගේ පාලනයක් ස්ථාපිතව ඇති බවත් සුළුතර ජාතීන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට අසීරු වී ඇතැයි ඔහු පැවසීය.

ඒ නිසා සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත්විය යුතු බව ඔහු එම සැමරුම් උත්සවයේදී පවසා ඇත.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජිවත්වෙන දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ ජිවත්වන සියලු දෙමළ ජනතාව එක්ව විය යුතු බව ද විග්නේශ්වරන් මහතා මෙහිදී සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ හා උතුරු පළාතේ දේශපාලන තත්වය, යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්වය සහ උතුරේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඉන්දියාවේ සුපිරි නළු රජිනි කාන්ත් සමඟ ද විග්නේශ්වරන් මහතා සාකච්ඡා කර ඇතැයි වාර්ථා වේ.

(Lanka Leads)