Sunday, October 27, 2024
Follow Us
හුංගම උණුසුම් – පොලිස් වෙඩි පහරින් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වේ

හුංගම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ පොලීසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වීමත් සමගය.

මෙම වෙඩි තැබීම සිදුව ඇති හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදීය.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන් අපවත් වී ඇත.

ප‍්‍රදේශයේ මේවන විට යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙයි.

(Lanka Leads)