Sunday, October 27, 2024
Follow Us
බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න - බන්ධනාගාර නිලධාරීන් රන්ජන්ට දැනුම් දෙයි

තමන්ද බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබෙනවා.

මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ රදවා සිටින රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා තමන්ට මෙට්ටයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එයද සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

මෙට්ටයක් අවශ්‍ය නම් වෛද්‍යවරුන් එය නිර්දේශ කළයුතු බවයි එහිදී බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ. එහෙත් වෛද්‍යවරුන් විසින් එවැනි නිර්දේශයක් ලබාදී තිබුණේ නැහැ.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීමට ඊයේ දිනයේ කිසිදු දේශපාලනඥයෙකු නොපැමිණි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මන්තී‍්‍රවරයෙකු ඥාතීන් දෙදෙනෙකු පමණක් ඔහුගේ සුවදුක් විමසීමට ඊයේ දිනයේ බන්ධනාගාරයට පැමිණි බවයි අනාවරණ වුණේ.

(Neth)