Sunday, October 27, 2024
Follow Us
රන්ජන්ව අධිකරණයට රැගෙන එයි

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) දිනයේ දී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

කල් ඉකුත්වූ බලපත්‍රයක් සහිත ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පසුව ඇප මත නිදහස් කරනු ලැබුවා.

එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාව මෙලෙම යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරන්ගේ කටයුතුවලට අනිසි බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා යළි කොළඹ අපරාධ කොට්‌ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ජනවාරි මස 29 වැනිදා දක්වා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.


(Neth)