Sunday, October 27, 2024
Follow Us
මුස්ලිම් විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පනත ගේන්නේ මහ මැතිවරණයේදී ජන්ද ලබා ගැනීමේ අරමුනින්

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කර තිබේන මුස්ලිම් විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්දව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විශේෂ ප්‍රකාශයක් තම ෆේස්බුක් ගිණුමෙ සටහන් කර ඇත.

පාර්ලිමේන්තුවට රතන හිමියන් විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාව අධිකරණ අමාත්‍යංශයට යොමු කර අමාත්‍යවරයාගේ අදහස් බලා එය නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එයට අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට එවිය යුතු බව සඳහන් කළේය.

පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුව රැස්වන විට කැබිනට් අනුමැතිය හා පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබෙන්නේ නම් මෙය ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම පනත රතන හාමුදුරුවන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තමන්ගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්ද ලබා ගැනීමේ අරමුනින් බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

(Aruna)