Sunday, October 27, 2024
Follow Us
පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද

2020 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුවනවා.

ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේදී පැවැත්වීමට නියමිතයි.

රටපුරා ඇති රජයේ පාසල් ගණන 10, 175 ක්. ඒවායෙන් පාසල් 9, 158 ක ප‍්‍රාථමික පංති පැවැත්වෙනවා.

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 40,000 කට ආසන්නයි.

රජයේ පාසල්වල ප‍්‍රාථමික අංශයන්හි ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් ගණන 67,357 දෙනෙක්.

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදුකෙරුනත් මෙම නවක සිසුන්ගේ පළමු පාසල් දිනය ලෙස සැලකෙන්නේ ලබන සඳුදායි.

(Neth)