Sunday, October 27, 2024
Follow Us
තරාතිරම නොතකයි…රන්ජන් සමග දුරකථන සංවාදයේ යෙදුණු සැමට නීති පියවර

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල නිවසට පැමිණි අයුරු

සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බවට අනාවරණය වන අධිකරණ විනිසුරුවන්, උසස් පොලිස් නිලධාරීන්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු සියලූම දෙනාට තරාතිරම නොබලා ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (15 දා) පස්වරුවේ නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතාට දැනුම් දුන්නේය.

එකී පුද්ගලයන් කුමන නිලතලයක් දැරුවත් කුමන තරාතිරමක සිටියත් ඒ කිසිවක් නොසලකා ඉදිරිපත් වන සාක්ෂි අනුව සුදුසු අධිකරණයක් හමුවට පැමිණවීමට පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුබට නොවී ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බව ද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

(Lanka Leads)