Sunday, October 27, 2024
Follow Us
ජනපතිගේ විද්වත් කමිටුව නිර්දේශ නොකළ අයටත් බලධාරීන් පත්වීම් දීලා - නාලක

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ නොකළ ඇතැම් පුද්ගලයින්ට ද බලධාරීන් විසින් පත්වීම් ලබාදී ඇති බව එම කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

එහෙත් සමස්තයක් ලෙස 90% - 95%ක් පත්වීම් සම්බන්ධයෙන් සතුටුවිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

"අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සේ පත් කළා විද්වත් කමිටුවක් මේ පත්කිරීම් සම්බන්ධ යම් යම් නිර්දේශ ඉදිරිපත් කිරීමට. මේ කමිටුව පත්වීම් බලධාරියා නොවෙයි. ඔවුන්ගේ වගකීම වුණේ යම් තනතුරක් සඳහා යම් යෝජනාවක් ලැබුණා නම්, නමක් ලැබුණා නම් ඒ අයගේ සුදුසුකම් තිබෙනවාද කියලා බලලා ඒ පිළිබඳ නිර්දේශයක් ඉදිරිපත් කිරීම.

සමහර අවස්ථාවල කමිටුවේ නිර්දේශම නොවෙන පත්වීමුත් සිද්ධ වෙලා තිබුණා.

(LNW)