Sunday, October 27, 2024
Follow Us
සරසවි සිසුන් 12ට ඇප

පසුගිය 08 වැනි දා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා.

ඒ අනුව එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

නැවත සාමය කඩ වන ආකාරයට කටයුතු කිරීමෙන් වළකින ලෙසටත් යම් හෙයකින් සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදු කර ඇති බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැඩිව අවධාරණය කරන ලදි.

ඊයේ (13) දින සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළ අතර එහිදී සාක්ෂිකරුවන් විසින් සැකකාර සිසුන් 12 හඳුනා ගන්නා ලදි. එම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

කුරුඳුවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

(Neth)