Sunday, October 27, 2024
Follow Us
මත්තල කුරුල්ලෝ එළවන්න මාසෙකට ලක්ෂ 10ක්

මත්තල ගුවන් තොටුපළේ කුරුල්ලන් එළවීමට බව කියමින් වාහන තුනක් හා යතුරුපැදි හතරකින් සමන්විත කාර්ය මණ්ඩලයට මාසිකව රුපියල් ලක්ෂ දහයකට වඩා වියදම් කරන බව අනාවරණය වී ඇත.

කාර්යාල කාර්ය සහායකයන් ලෙස බඳවාගත් පුද්ගලයන් ඇතුළුව මෙම පිරිසට එක් අයකුට අතිකාල සමග රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ගෙවන බවද හෙළිවී තිබේ.

වසර හයක් තිස්සේ කළ මෙවැනි අනවශ්‍ය වියදම් නවතා කුරුල්ලන් ඒම වැළැක්වීමට හැකි ආරක්ෂක ක්‍රමවේදයක් කෙරෙහි යොමුවීමට හැකියාව ඇති බව අමාත්‍යාංශ ප්‍රධානියෙක් අනාවරණය කළේය.

මේ අතර මත්තල ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට තේ සෑදීමට පමණක් සේවකයන් තිදෙනකු සිටින බවද වාර්තාවේ.

(Aruna)