Sunday, October 27, 2024
Follow Us
රන්ජන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේ සිදු වූ සිද්ධිය දුරදිග යයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී පොලිසිය ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න ඉකුත්දා නියෝගයක් ලබාදී තිබුණා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එහිදී නියෝග කර තිබුණේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිසිය නිසි ක‍්‍රමවේදයන් ඔස්සේ කටයුතු කළේ ද යන්න පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ වනවා.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේදී ප‍්‍රධාන පොලිස් නිලධාරියෙකු මන්තී‍්‍රවරයා විසින් වැළඳගත් ආකාරය ඉකුත්දා මාධ්‍ය ඔස්සේ අනාවරණ වුණා.

මන්තී‍්‍රවරයාට එලෙස හැසිරීමට ඉඩ දුන් පොලිස් නිලධාරියාට එරෙහිව කටයුතු කිරීමට ද පොලිසිය සුදානම් වන බවයි වාර්තා වුණේ.

(Neth)