Sunday, October 27, 2024
Follow Us
ගිය ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරිය ‘ගැබ්රබ එළදෙනුන්ගෙනුත්’ ගසා කාලා

රට තුළ ‘දියර කිරි’ ප්‍රචලිත කිරීම සදහා 2017 වර්ෂයේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ව්‍යාපෘතිය ඉතා වංචනික සහ අසාර්ථක ව්‍යාපෘතියක් බව දැන් තහවුරු වී තිබේ.

ඉහත ව්‍යාපෘතිය නම් දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා, රජය මැදිහත් වී ඕස්ට්‍රේලියාවෙන් ගැබ්බර එළදෙනුන් ආනයනය කොට නව ව්‍යවසායකයන් අතර බෙදා දීමයි.

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙකී ගැබ්බර එළදෙනුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ පාරිසරික වෙනස්විම්වලට ඔරොත්තු දීමේ හැකියාව නිසි අයුරින් සළකා බලා නැත.

එය වඩාත්ම තහවුරු වී ඇත්තේ එකී එළදෙනුන් ලංකාවට ගෙන විත් ඉල්ලුම්කාර ව්‍යවසායකන් අතර බෙදා දී වැඩි කලක් ගතවන්නට පෙර සැළකිය යුතු දෙනුන් ප්‍රමාණයක් මරණයට පත්වීමයි.

එකී දෙනුන් පමණක් නොව ඔවුන් ප්‍රසූත කළ පැටවුන්ද සැළකිය යුතු ප්‍රමාණයක් මරණයට පත්වී තිබේ.

මේ ව්‍යාපෘතියට අදාළව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ ගැබ්බර දෙනුන් ව්‍යවසායකයන් විසින් මිලදී ගෙන ඇත්තේ තම දේපළ වාණිජ බැංකුවලට ඇපකර හැටියට තබමිනි.

ඔවුන්ට ගැබ්බර දෙනුන් ලබා දීමේදී අමාත්‍යාංශ නිලධාරීන් සහතික වී ඇත්තේ එක් එළදෙනක ගෙන් දෛනිකව කිරි ලීටර් 16 ක් ප්‍රමාණයක් නිසැකවම ලබාගත හැකි බවය.

එහෙත් එකී ව්‍යවසාකයන් තරයේ ම ප්‍රකාශ කරන්නේ දිනකට කිරි ලීටර් 8 – 10 කට වඩා ලබාගත නොහැකි බවය.

ඊටත් වඩා බරපතලම ගැටලුවවී ඇත්තේ ඔවුන් මිලදී ගත් දෙනනුන් ගෙන් ඇතැම් තැන්වල හරි අඩක්ම මිය යාම නිසා අපේක්ෂිත ආදායම කිසිසේත්ම ලබා ගත නොහැකි වීමය.

ඒ නිසාම ඔවුන් වාණිජ බැංකුවලින් ඉහළ පොළීයට ලබාගත් ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වී ඇති අතර දැනටමත් ව්‍යවසායකයන් කිහිප දෙනකුගේ දේපළ වෙන්දේසි කර තිබෙ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට පෙර රජයේ (2005 – 2014) බරපතල වංචා දූෂණ සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසෂන් සභාවට එම යහපාලන රජයේම (2017) සිදුවූ මෙකී වංචාවද ඉදිරිපත් වූ අතර අමාත්‍යාංශ ලේකම්වරියම මේ ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක බව පිළිගෙන තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරිය විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේදී මේ ව්‍යාපෘතිය මුළුමණින්ම අසාර්ථක බව පිලිගෙන තිබියදීත් තවත් ගැබ්බර එළදෙනුන් 5000 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඕස්ට්‍රේලියාවේ අදාළ සමාගමට රූපියල් කෝටි 131 ක් මුදලක අත්තිකාරම් මුදලක් ගෙවා තිබෙනවා. මෙකී මුදල උක්ත අයවැය ලේඛනය විසින් හෝ පරිපූරක ඇස්තමේන්තුවකින්වත් ලබාදී නැති පසුබිමක් තුළ නීති විරෝධීව අමාත්‍යාංශය සතු වෙනත් මුදල්වලින් ගෙවීම මුළුමනින්ම නීති විරෝධී ගෙවීමකි.

(Lanka Leads)