Sunday, October 27, 2024
Follow Us
‘දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්න ඇමතිවරු තුන්දෙනෙක් අගවිනිසුරුට තර්ජනය කළා’

දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තිදෙනකු වෙත මෙසේ අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා බල කරන ලෙස පවසා ඇති බව එහි සඳහන්.

ඒ සඳහා එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව එහි සඳහන්.

දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 11 වෙනිදායි.

පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය.

(Lanka Leads)