Sunday, October 27, 2024
Follow Us
හඬපටවලට සම්බන්ධ විනිසුරුවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට යයි

රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ විනිසුරුවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිසමේ සාමජිකයන්ගේ රැස්වීමකදී ඒ පිළිබඳ තීරණය ගෙන තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ මහතා සහ සිසිර ද ආබෲ මහතා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ දුරකතන සංවාදවල හඬපට මේ වනවිටත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන හඬපට සියල්ල රස පරීක්ෂක භාරයේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර ඇති අතර අධිකරණ කටයුතුවලදී රස පරීක්ෂක සහතිකයද සමග අදාල හඬපට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

(LNW)