Sunday, October 27, 2024
Follow Us
බදියුදීන් - මහේෂ් සේනානායක අවුල නැවතත් කරළියට !

පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් එවක හමුදාපති මහේෂ් සේනානායක මහතාට බලපෑම් සිදුකළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙහිවල ප්‍රදේශයේදී අත්අංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් මහතා තමාගෙන් කරුණු විමසූ බව හිටපු හමුදාපතිවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර ඔහු සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද යන්න ඇමතිවරයා විමසූ බවත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය. ඊට පිළිතුරු ‍ලෙස, ඒ පිළිබඳව වසර එක හමාරකට පසුව විමසන්නැයි පැවසූ බව ද ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් ‍කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඒ දිනවල පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර එම පැමිණිල්ලට අදාලව මෙම පරීක්ෂණ නැවත ආරම්භ කර තිබේ. ඒ අනුව ඉදිරියේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නියමිත වේ.

(LNW)