Sunday, October 27, 2024
Follow Us
ශානි අබේසේකර ඉක්මනින්ම අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ පැවැත්වූ දුරකථන සංවාද හරහා පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කිරීමේ චෝදනාව යටතේ පෙරේදා (07) දිනයේදී ඒ මහතාගේ වැඩ තහනම් කරන ලදී.

එසේම ඊයේ (08) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශය ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබිණි.

මීට පෙර මෙසේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝග පාඨලී චම්පික රණවක මහතා, රාජිත සේනාරත්න මහතා සහ ආචාර්ය මොහොමඩ් රූමි මහතා වෙනුවෙන් ද පොලිසිය ලබාගත් අතර දින කිහිපයක් තුළ ඔවුන්ව අත් අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

(LNW)