Sunday, October 27, 2024
Follow Us
පාසල් නිල ඇඳුම් වවුචර් අද සිට

මෙම වසරට අදාළ නිල ඇඳුම් වවුචර් අද (08) සිට සියලූ පාසල් දරුවන්ට ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රජයේ සියලූ පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් වවුචර් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් බවයි.

ඒ අනුව දිවයින පුරා සියලූ පාසල් වෙතින් සිසු දරුවන්ට අද සිට මෙම වවුචර් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

මෙවර නිල ඇඳුම් වවුචර් ලබාදෙන්නේ ඛාණ්ඩ 11 ක් යටතේයි. ඒ අනුව රුපියල් 440 සිට රුපියල් 1,800 දක්වා සිසුන්ගේ ශ්‍රේණි මට්ටම් අනුව වවුචර්වල වටිනාකම තීරණය කර තිබෙනවා. මෙම වසරට අදාළව වවුචර් මිලියන 4.2 ක් දරුවන් වෙත බෙදාදීමට නියමිතයි.

මීට සමගාමීව දුෂ්කර සහ අතිදුෂ්කර මෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු සියලූ පාසල්වල දරුවන් වෙත පාවහන් මිලදී ගැනීම සඳහා ද වවුචර් පත් ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව පාවහන් වවුචර් ලක්ෂ 7 ක් පාසල් දරුවන් වෙත ලබා දෙනු ඇති.

මින් පෙර අවස්ථාවල දේශපාලනඥයින්ගේ ඡායාරූප සහිතව නිකුත් කර තිබූ වවුචර් වෙනුවට මෙවර පාසල් දරුවන්ගේ ඡායාරූපයක් ඊට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

(Neth)