Saturday, October 26, 2024
Follow Us
හිටපු ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති තනතුරින් අස්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දිනයේ සිට බලපැවැත්වෙන බවයි එම සමාගමේ සමාගම් ලේකම්වරයා කොළඹ කොටස් වෙළඳපොළ වෙත දැනුම් දී ඇත්තේ.

පසුගිය රජයේ ආයතන ප්‍රධානී තනතුරු දැරූ සියල්ලන්ටම ඉල්ලා අස්වන ලෙස නව රජය පසුගිය නොවැම්බර් මාසයේදීම දැනුම් දුන් අතර අනෙකුත් ආයතන ප්‍රධානීන් එසේ ඉල්ලා අස්වූ නමුත් කුමාරසිංහ සිරිසේන මහතා සිය තනතුරෙන් ඉවත් වූයේ නැත.

ඔහුව එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලකරමින් ටෙලිකොම් සේවක සංගම් ද දැඩි විරෝධතා දක්වනු පසුගිය දිනවල දැකගත හැකිවිය.

(LNW)