Saturday, October 26, 2024
Follow Us
මෛත්‍රි දුන් උපදෙස් පිට ඇවන්ගාඩ් යළි මෙහෙයුම් ආරම්භ කරන්න සූදානම්

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම යළි සිය මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්‍ෂාවෙන් සිටිනවා.

දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින එහි සභාපති නිශ්ශංක සේනාධිපති නිදහස ලබා පිටතට පැමිණීමෙන් පසු ඔවුන් සිය මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට යළි මෙහෙයුම් ආරම්භ කර ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලැබී තිබෙන්නේ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුවයි.

ඉකුත් වසරේ ජුනි මස අගදී මෙම අවසරය ලැබුණු බව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ ප‍්‍රකාශකයෙකු පැවසුවා.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම විසින් මීට පෙර පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කෙරුණු බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම මුහුදු ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් නිපුණත්වයක් සහිත ජාතික ආර්ථිකයටද දායකත්වයක් ලබාදෙන සහ රැකියා උපදවන ආයතනයක් බව අදාළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දැක්වෙන බවද ප‍්‍රකාශ කෙරුණා.

(Neth)