Saturday, October 26, 2024
Follow Us
පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි – 9ක් මරුට

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 9දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි.

බස් රථයේ සිටි තවත් මගීන් පිරිසක් තුවාල ලබා තිබේ.

බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ මගීන් පස්සර සහ බදුල්ල රෝහල් කරා ගෙනයාමට ප්‍රදේශවාසීහු සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිති.

එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්වයක් පැවති බවද, බස් රථය ලොරි රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී අනතුර සිදුව ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Lankadeepa