Saturday, October 26, 2024
Follow Us
රජය අපහසුතාවයට පත් කිරීමේ ප්‍රකාශ සොයා පොලීසිය රන්ජන්ගේ නිවසට වටලයි

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අයත් නිවස අද (04) පස්වරුවේ පොලීසිය විසින් සෝදිසි කර තිබේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි කෙරිණි.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිද්ධිය සිදුකෙරේ. ඊට අදාලව තවත් දෘඩ තැටි හෝ වෙනත් තොරතුරු නිවසේ සඟවා ඇති බවට ඇතිවූ සැකය මත කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ එවැනි කිසිවක් සොයා ගැනීමට පොලීසිය අසමත් වූ බවයි. පාලකයාගේ කැමැත්ත රටේ නීතිය බවට පත්ව ඇති බවත්, ඒ අනුව මෙවැනි තත්වයක් තමන් බලාපොරොත්තුවෙන් සිටි බවත් මන්ත්‍රීවරයා පවසනවා.

(LNW)