Saturday, October 26, 2024
Follow Us
ගුවන්යානා අනතුරෙන් ගුවන් හමුදාවේ 4 ක් මරුට…අසල නිවසක සිටි කතකට තුවාල

හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි.

අනතුරින් එහි ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනා මියගොස් ඇතැයි බවද තොරතුරු තහවුරුකරගෙන තිබේ.

නීරීක්ෂණ කටයුත්තක් සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට හපුතලේ දක්වා ගමන්ගන්නා අතර තුරදී මෙම යානය අනතුරට ලක්ව තිබේ.

යානය කඩා වැටුණු ආසන්නයේ නිවසක සිටි කාන්තාවක්ද එහි කම්පනය හේතුවෙන් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරමින් පවතී.

(Lanka Leads)