Saturday, October 26, 2024
Follow Us
අන්තර්ජාලය හරහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමය ගැන අනාවරණයක්

වාහන සඳහා අන්තර්ජාලය හරහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමය හඳුන්වා දී දීර්ඝ කාලයක් ගතව ඇතත් ඊට තවමත් ජනතාවගේ වැඩි ආකර්ශනයක් ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත අනාවරණ වුණා.

ඉකුත් වසරේදී ආදායම් බලපත‍්‍ර ලක්‍ෂ 57 ක් නිකුත් කර ඇතත් අන්තර්ජාලය හරහා ආදායම් බලපත‍්‍ර ලබාගෙන ඇත්තේ වාහන හිමියන් 89,261 ක් පමණක් බවයි වාර්තා වුණේ. එය මෙරට වාහන හිමියන්ගෙන් සියයට 1.6ක් පමණ ප‍්‍රමාණයක්.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන සේවා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරන බවයි.

අන්තර්ජාලය හරහා වාහන සඳහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත්තේ මීට වසර 11 කට පමණ පෙරයි.

(Neth)