Saturday, October 26, 2024
Follow Us
ගානියාගේ දුරකථනයට අභිරහස් ඇමතුම් 40 ක්

රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැන යෑමට පෙර සහ පැන යෑමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ දුරකතනයට එක් ජංගම දුරකතනයකින් ඇමතුම් 40 ක් ගත් අභිරහස් පුද්ගලයකු ගැන තොරතුරු රජයට හෙළිවී ඇත.

මෙම ජංගම දුරකතන පණිවුඩ දුන් තැනැත්තා පිළිබඳව අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් දැන් සොයා ගෙන තිබේ.

ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට පෙර රහස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා සහ පවුලේ අයට සංක‍්‍රමණ වීසා ලබාදීම ගැන ස්විස් තානාපති කාර්යාලය දින 35 ක් ගතවී ඇතත් මෙතෙක් ශී‍්‍ර ලංකා රජයට කරුණු හෙළිකර නැත.

මේ අතර ගානියා ප‍්‍රැන්සිස් සතු ජංගම දුරකථනය රහස් පොලිසියට භාරදෙන ලෙස අධිකරණය කළ නියෝගය පරිදි එම දුරකථනය ද මෙතෙක් භාරදී නැත.

(Lanka Leads)