Saturday, October 26, 2024
Follow Us
අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් එවන තුරු බැඳුම්කර නඩුව ඉදිරියට ගෙනියන්න බෑ - ගම්මන්පිල

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාව වෙත එවන තුරු මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

"අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් ලංකාවට එවන තුරු අපට බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව ඉදිරියට යන්න බෑ.

රාජිත සේනාරත්න මැතිතුමාත් දැන් සිංගප්පූරු යන්න ඕනෙ කියනවා. මතක තියාගන්න එතුමාට සිංගප්පූරු යන්න වුණොත් නළපාන ජාතකේ වෙච්චි දේමයි වෙන්නෙ. සිංගප්පූරුවත් හරියට නළපාන ජාතකේ තියන විල වගේ. යනු මිස එනු නැත" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් කිරීම යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වී තිබිණි.

(LNW)