Saturday, October 26, 2024
Follow Us
සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ දෙදෙනෙක් ඇප මත නිදහස් !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙහි මහමොළකරු වූ සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැණුනු සැකකරුවන් පිරිස අතරින් දෙදෙනෙකු ඊයේ (31) දිනයේදී ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

ඒ, ඔවුන් පිරිස ඊයේ මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සෙසු සැකකරුවන් 62 දෙනා ජනවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර තිබිණි.

(LNW)