Saturday, October 26, 2024
Follow Us
සුදු වැන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ රූම් මොහොමඩ් CID යට භාර වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද(31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවයි.

සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණි.

(Lanka Leads)