Saturday, October 26, 2024
Follow Us
කොළඹ නගරයේ දූවිලි අංශු යළිත් ඉහළට

කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ තත්ත්වයක් යළි පෙන්නුම් කර ඇති බැවින් ඇදුම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත් බව ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි. පෙරේදා (29 වැනිදා) පස්වරු 6.00 සිට ඊයේ (30 වැනිදා) පෙරවරු 11.00 දක්වා වූ කාලයේ දී දූවිලි අංශු සඳහා වායු ඝනත්ව දර්ශකය 100ත් 150ත් අතර අගයක් පෙන්නුම් කළ බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සදහන් කළේය. නමුත් ඊයේ (30 වැනිදා) දහවල් වන විටදී එම අගය අඩු වූ බවද ඔහු කීවේය.

වායු ගෝලයේ ඉහළ පවතින උෂ්ණත්වය නිසා වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යන්නට ඇතැයිද ඔහු සඳහන් කරයි. රටේ අනෙකුත් ප්‍රදේශවල වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය සාමාන්‍ය අගයක පැවතී ඇත.

(Aruna)