Saturday, October 26, 2024
Follow Us
දෙදහස් විස්සේ තීරණාත්මක දිනයක් ගැන අනාවරණයක්

උදාවන 2020 නව වසරේ අපේ‍්‍රල් මස 25වැනිදා බොහෝ විට ශී‍්‍ර ලංකාට තවත් තීරණාත්මක දිනයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

මීළඟ මහ මැතිවරණය එදින පැවැත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

නිතියේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52කට නොඅඩු සහ 66 කට නොවැඩි කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව මාර්තු මස 01වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණ හොත් අපේ‍්‍රල් මස 25 වැනිදා හැර මහ මැතිවරණය පැවැත්විය හැකි විකල්ප දින පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි.

(Neth)