Saturday, October 26, 2024
Follow Us
නෙවිල් රෝහලට වත්මන් ආණ්ඩුවත් මුදල් ගෙවලා

නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ මාසයට අදාළව රුපියල් මිලියන දෙසිය පනහක (250) මුදලක් ගෙවා තිබෙන බවත් මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට සමස්ත කාලය තුල රුපියල් මිලියන පන්දහසකට වැඩි ප්‍රමාණයක් ගෙවා තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ නිසා කඩිනමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කලයුතු බවත් එසේ නොමැති නම් රජයට පවරා නොගෙන එම රෝහලට මෙතෙක් ගෙවා තිබෙන මුදල් නැවත අයකර ගතයුතු බවද කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව සයිටම් ආයතනය අහෝසි කිරීම යටතේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවට සඳහන් කරමින් මාසිකව රජයේ මුදල් එම රෝහලේ කටයුතු වලට යෙදවූ බවත් මේ අනුව වර්තමාන ආණ්ඩුව එම කටයුක්ත සිදුකරන බවද සඳහන් ක‍ළේය.

 

(Lanka Leads)