Saturday, October 26, 2024
Follow Us
බස්වල ගීත පිළිබඳ දැනුම්දීමට දුරකතන අංකයක්

ජනවාරි 01 වැනිදා සිට කි‍්‍රයාත්මක පෞද්ගලික බස්රථවල අධික ශබ්ද සහිත ගීත වාදනය කිරීමට පනවා ඇති තහනම සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව තවදුරටත් එවැනි ගීත වාදනය වන්නේ නම් 1955 අංකයට එවැනි තොරතුරු දැනුම්දිය හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් මේ යටතේ හඳුන්වාදීමට නියමිතයි.

එහි පළමු අදියර හෙට (31) පෙරවරුවේ ආරම්භ කරන බවයි ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මහජන පැමිණිලි මත තවදුරටත් අධික ශබ්ද සහිත ගීත වාදනය කරන බස් රථ රියදුරන් හා රිය සහායකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර බස් රථවල ඇති රූපවාහිනී යන්ත‍්‍රවල ප‍්‍රදර්ශනය කිරීම සඳහා උසස් ගීත වීඩියෝ ලබාදීමේ වැඩපිළිවෙළක් ද කි‍්‍රයාවට නංවන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)