Saturday, October 26, 2024
Follow Us
සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කරයි

දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.



හෝටල්වල ප‍්‍රමිතිය ඉහළ නැංවීම මෙහි අරමුණවේ. ඉදිරි මාස තුන ඇතුලත ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

රජයේ ලියාපදිංචි කර ඇති සංචාරක හෝටල් සංඛ්‍යාව දෙදහසකි. එහෙත් දිවයින පුරා සංචාරක හෝටල් විසි දහසක් පමණ ලියාපදිංචි නොකර පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණ වී ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගෙන කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව හෝටල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිමිකරුවන් දැනුවත් කිරීමට ද පියවර ගැනේ. හෝටල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විශේෂ නිලධාරී කණ්ඩායමක් ද ඒ සඳහා පත්කර ඇති බව අධිකාරිය සඳහන් කළේය.

(Dinamina)