Saturday, October 26, 2024
Follow Us
කන පැලෙන්න සින්දු දාන බස් ගැන 1955ට කියන්න

ජනවාරි මස 01 වනදා සිට සුභාවිත ගීත විකාශය නොකරන පෞද්ගලික බස් රථ පිළිබඳ පැමිණිලි 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඝෝෂාකාරී ගීත හේතුවෙන් බස් රථ මගීන් මුහුණ දී ඇති ගැටලු මග හරවා ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගීත 1000කින් යුත් සංයුක්ත තැටියක් සකස් කර ඇත. මෙම සංයුක්ත තැටිය ලබන (31) වනදා පෞද්ගලික බස් රථ හිමිකරුවන්ට බෙදා දීමට නියමිතය.

ජනවාරි මස 01 වනදා සිට බස් රථවල මෙම සංයුක්ත තැටියේ ඇති ගීත ප්‍රචාරය කළ යුතුය. ඝෝෂාකාරී ගීත යළි ප්‍රචාරය කළහොත් 1955 අංකයට පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

(Aruna)