Saturday, October 26, 2024
Follow Us
"මෙරට නිපද වූ මෝටර් රථය ලියාපදිංචි කරන්න දෙන්නෙ නෑ" - නව නිර්මාණකරුවන්ට ගැටලු රැසක්

නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම සඳහා නව ප‍්‍රතිපත්තියක සිට රජය කටයුතු කළ යුතු බව නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා.

අඩු වියදම් මෝටර් රථයක් නිපදවූ ශානක දසනායක ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "අපිට හැකියාවක් ලැබිලා තියෙනවා ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන අඩු වියදම් මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. මට තියෙන ගැටලුව තමයි මේ මෝටර් රථය ලියාපදිංචි කරන්න ගියාම නිසි ක්‍රමවේදයක් නෑ. ලංකාවේ නිෂ්පාදනය කරපු වාහනයක් ලංකාවේ නීතිය යටතේ ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා නිසි වැඩපිළිවෙලක් නෑ. අඩුම තරමින් මේ මෝටර් රථය මාර්ගයේ ධාවනය කරන්න ලයිසන් එකක් තිබුණා නම් අපිට තවත් මේක දියුණු කරන්න පුළුවන් ඇතිවන ගැටලු ගැන සොයා බලමින්. " යනුවෙනි.

(neth)