2019 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. www.doenets.lk/examresults වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිපල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදී පැවැත්වුණා. ඊට පෙනී සිටි අයදුම්කරුවන් ගණන 337,704 දෙනෙක්.