Saturday, October 26, 2024
Follow Us
අසිරිමත් නත්තල උදා වෙයි

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.

උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

(Lanka Leas)