Saturday, October 26, 2024
Follow Us
MCC ගැන මගේ ස්ථාවරයේ වෙනසක් නෑ - බාගයක් හොඳයි බාගයක් නරකයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් තමා සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

MCC ගිවිසුමේ අඩංගු ඉඩම් ව්‍යාපෘතියට පමණක් තමා විරුද්ධ බවත්, එය ජනාධිපතිවරණයට පසුව පමණක් නොව ජනාධිපතිවරණයට පෙර ද සෘජුව සඳහන් කළ බවත් ගම්මන්පිල මහතා පවසනවා. ජනාධිපතිවරණයට පෙර හා ජනාධිපතිවරණයට පසු ස්ථාවර දෙකක් දරන බව ඇතැම් මාධ්‍ය සඳහන් කළද එවැනි ස්ථාවරයේ වෙනසක් නොමැති බව ද ඔහු පවසනවා.

ජනාධිපතිවරණයට පෙර සිටම මෙම ගිවිසුමේ අඩංගු ප්‍රවාහන ව්‍යාපෘතියට විරෝධයක් නොමැති බව අවධාරණය කළ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ප්‍රවාහන ව්‍යාපෘතියට විරෝධයක් නොමැති වූ පමණින් සමස්තයක් ලෙස MCC ගිවිසුමට එකඟ විය නොහැකි බවත්, සමස්තයක් ලෙස ගිවිසුමට විරුද්ධ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

(LNW)