Saturday, October 26, 2024
Follow Us
වැඩි මිලට සහල් විකුණූ 450 කට නඩු

රජයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳ සැල් හිමියන් 450 කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සූදානම් වෙනවා.

වැඩි මිලට සහල් විකුණන ව්‍යාපාරිකයන් සම්බන්ධ‍යෙන් සොයා බැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ඒ යටතේ ඊයේ දිනයේදී පමණක් ව්‍යාපාරික ස්ථාන 13,000 ක් පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ අතරින් ව්‍යාපාරික ස්ථාන 450 ක වැඩි මිලට සහල් විකුණා ඇති බවට වාර්තා වූ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.

සම්බා සහ නාඩු සහල උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන වෙළඳ සැල් හිමියන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත.

(LNW)