Saturday, October 26, 2024
Follow Us
1000 CC යතුරුපැදිය ධාවනය ගැන සංදීප්ට එරෙහිවත් පැමිණිල්ලක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සම්බන්ධ 2016 වසරේ සිදුවූ රිය අනතුරේදී තුවාල ලැබූ සංදීප් සම්පත් තරුණයාට එරෙහිව ද ඊයේ (22) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.

ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා විසින් සංදීප්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ සාමාන්‍ය මාර්ගයක ධාවනය කළ නොහැකි 1000 CC යතුරුපැදියක් ධාවනය කිරීම සහ රාජ්‍ය දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල්කර ගනිමිනි.

"1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් පැමිණ පිටුපස දැවටීම නිසා තමයි මේ අනතුර සිද්ධ වුණේ. මේ මෝටර් සයිකලය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉදිරිපත් කරලා තියෙනවා, සාමාන්‍ය මහපාරේ ගමන් කරන්න පුළුවන් මෝටර් සයිකලයක් නෙවෙයි. මේක පුළුවන් වෙන්නෙ ක්‍රීඩා කටයුතුවලට විතරයි. එහෙම මෝටර් සයිකලයක් සාමාන්‍ය පාරේ ගෙනියනවා නම් වෙනත් රථයකින් ප්‍රවාහනය කරගෙන තමයි යන්න ඕනෙ.

ඉතිං මේ සංදීප්ලා ප්‍රමුඛ තරුණ පිරිස සාමාන්‍ය මහපාරේ මේ මෝටර් සයිකලයෙන් ගිහිල්ලා, අධික වේගයෙන් ගිහිල්ලා තමයි මේ නිලරථයේ පිටුපස දැවටුණේ. ඒකෙ හානිය සිද්ධ වුණ මුදල ලබාගන්න ඕනෙ මෝටර් සයිකලේ අයිතිකරුවාගෙන්. ඒ සම්බන්ධ නීතිමය කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා" යනුවෙනුයි නාගරික මන්ත්‍රීවරයා සඳහන් කළේ.

2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් පසුගිය සතියේදී පාඨලී චම්පික රණවක මහතාව අත් අඩංගුවට ගැණුනු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

(LNW)