Saturday, October 26, 2024
Follow Us
නීතියට පිටින් ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට වීසා දීලා

මෙරට නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට ස්විස්ටර්ලන්තයට යෑමට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත.

ඇව්රෝ ගුවන් යානාව පිපිරවූ කුලම්ගේ සිට ත‍්‍රිකුණාමල කොටි හමුදා නායක දයා මෝහන් සහ වත්මන් කොටි නායක ජෙයපාලන් චෙල්ලයියාටත් ස්විස්ටර්ලන්තයට යෑමට ස්විස් තානාපති කාර්යාලය සහාය වුණා යැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය.

මෙලෙස සංක‍්‍රමණික වීසා ලත් හිටපු කොටි කවුරුන්දැයි ස්විස් රජය එරට නීතිය හමුවේ අනාවරණය කර නැත. මේ පිරිස ස්විස් යෑමට පෙර තානාපති කාර්යාලය ශ‍්‍රී ලංකා රජයට දන්වා නැත.

වන්නි මෙහෙයුමින් පසු යළි මෙරට කොටි සංවිධානය න`ගාසිටුවීමට පැමිණ හමුදා ප‍්‍රහාරයකින් මියගිය ස්විස් කොටි ක‍්‍රියාකාරී ගෝපිගේ බිරිය වූ ෂර්මිලාටද ස්විස් තානාපති කාර්යාලය වීසා ලබාදී තිබේ.

දිවයින