ජාති, ආගම්, කුල භේදයකින් තොරව ශී‍්‍ර ලංකාවේ විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
පෞද්ගලික මන්තී‍්‍ර පනත් කෙටුම්පතක් ලෙස කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) විසින් එය ඉදිරිපත් කර තිබේ.
විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ක් වන අතර එම සීමාව සම්පූර්ණ නොකර සිදුකරන විවාහ වලංගු නොවිය යුතු බව කෙටුම්පත මගින් දක්වා ඇත.
කන්ද උඩරට විවාහ හා දික්කසාද නීතිය යටතේ සිදුවන විවාහ හා ඉස්ලාම් ආගම් අදහන තැනැත්තන් අතර සිදුකරන විවාහ ඇතුළු ඕනෑම විවාහයක් මෙම නීතියට යටත් වන බවද එහි දක්වා ඇත.
මෙම වයස් සීමාව සම්පූර්ණ කිරීමට පෙර සිදුකරන විවාහ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමටද එමගින් යෝජනා කර ඇත.
(Lanka Leads)