Saturday, October 26, 2024
Follow Us
FCID විසුරුවයි – නිලධාරීන් 42 ක් වෙනත් පොලිසිවලට යවයි

ආන්දෝලනයට තුඩුදුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඞී.) විසුරුවා හරිමින් එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (18 වැනිදා) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙම ස්ථාන මාරු කිරීම් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මහජන පැමිණිලි භාර ගැනීමකින් තොරව දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව විමර්ශන සිදු කළ බවට පසුගිය කාලයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බරපතළ චෝදනා එල්ල වෙමින් තිබිණි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන ස`දහා ලිපි ගොනු සකස් කෙරුණේ අරලියගහ මන්දිරයේදී බවට ද විවිධ පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබිණි.

ස්ථාන මාරු කරන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 42 දෙනා කොළඹ ප‍්‍රදේශයේ පොලිසිවලට අනුයුක්ත කර ඇතැයිද වාර්තා වේ.

(Lanka Leads)