Saturday, October 26, 2024
Follow Us
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම් නිවේදන

අධික වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද, මාාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, විල්ගමුව සහ ලග්ගල – පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊසාන දිග මෝසම් කාලගුණික තත්ත්වය සක්‍රීයවීම නිසා නැගෙනහිර, උ$ව පලාත්වලත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්තාන වලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සබරගමුව, බස්නාහිර පළාත්වල සහ මහනුවර, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ත් 100ත් අතර තදවැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (17) පෙරවරු 8.30 සිට අද (18) පෙරවරු 8.30 දක්වා වූ පැය 24 තුළදී නාඋල ප්‍රදේශයට මිලිමීටර් 134ක වර්ෂාපතනයන්ද බකමූන ප්‍රදේශයට මිලිමීටර් 128ක වර්ෂාපතනයන්කද ඇද හැලී ඇත.

(Aruna)