Saturday, October 26, 2024
Follow Us
බිත්ති චිත්‍ර අඳින පරපුර එළවලු මිල බස්සන්න මැදිහත් වෙන්න ඕනෑ - වාසුගේ ෆේස්බුක් විසඳුම !

ඉහළ යන එළවලු මිල අඩුකර ගැනීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින්ටත් මේ දිනවල තාප්ප මත චිත්‍ර අඳින පරපුරටත් ආරාධනා කරන බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

"එළවලු මිල වැඩියි. දැන් එළවලු මිල වැඩිවුණාම අපි අපේ ෆේස්බුක් සමාජයට ආරාධනා කරන්න ඕනෙ, එන්න මැදිහත් වෙන්න. අද මේ බිත්ති පින්තාරු කරගෙන යන තරුණ පරපුර, අපේ මුහුණු පොතේ සමාජය හැටියට එළියට ඇවිල්ලා මේ වැඩිවන එළවලු මිල අඩුකරගන්න බලන්න.

කොහොමද ඒක කරන්නෙ ? දැන් යම් එළවලුවක මිල වැඩි නම්, එළවලු වර්ග දෙක තුනක, ඒ වර්ග දෙක තුන අපි නොඉල්ලා ඉඳිමු. වෙනත් එළවලු ඉල්ලමු. එතකොට ඉල්ලුම අඩුවෙනකොට මිල බහිනවා. ඒක තමයි යොදන්න ඕනෙ ෆේස්බුක් උපාය.

දැන් ෆේස්බුක් එකෙන් නොයෙක් දේවල් වෙනවානෙ. ඊළඟට අනික් එක තමයි මේ සැපයුම වැඩි කරන්න. සැපයුම වැඩිකරන එක ටිකක් දීර්ඝ කාලීන වැඩක් වෙයි. ඒ ඒ කාලයේ තියෙන කාලගුණික තත්වයත් එක්ක බලපාන කරුණු. නමුත් අපට පුළුවන් අපේ පාරිභෝගිකයාගේ සාමූහික ක්‍රියාකාරීත්වයෙන් මිල බස්සන්න. ඒක අපි කරමු. එතකොට මිල බහිනකොට ආයෙ ගන්න පටන් ගන්නවා, වැඩිවෙනකොට ආයෙත් අඩුවෙන් ගන්නවා. ඒක අපේ ජන ක්‍රියාකාරීත්වයෙන් මිල අඩු කිරීමේ ක්‍රමය" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)