Saturday, October 26, 2024
Follow Us
ගානියාගේ සැලැස්මට සම්බන්ධ තවත් අයගෙන් ප‍්‍රශ්න කිරීමට යයි

තමා පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කර පිස්තෝලයක් එල්ල කර ප‍්‍රශ්න කළ බවට ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගොතන ලද බව කියන ව්‍යාජ සැලසුමට සම්බන්ධ එම තානාපති කාර්යාලයේම සේවය කරන තවත් සේවිකාවන් කීප දෙනකු ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට තීරණය කර ඇත.

සැකකාර කාන්තාවගේ ජංගම දුරකථනය ඔස්සේ හෙළි වූ තොරතුරු මත සහ ඇය ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

තමන් පැහැර ගෙන ගිය බවට ගානියා ෆ‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාල සේවිකාව කළ හෙළිදරව්ව සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

(Lanka Leads)