Saturday, October 26, 2024
Follow Us
ඇවන්ගාඩ් සභාපති ජනවාරි 17දක්වා රිමාන්ඩ්!

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන ජනවාරි මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාල සීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි 816ක් සහ උණ්ඩ 200935 ක් තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොණුකර ඇත.

මේ වන විට මාස දෙකක පමණ කාලයක් නිශ්ශංක සේනාධිපති මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතරුව ඔහුගේ මැදිහත්වීම මත ඇවන්ගාඩ් සභාපතිවරයා ඇප ලබා නිදහස් වනු ඇති බවට ඇතැමුන් විශ්වාස කරමින් සිටියද එය එසේ නොවන බව දැන් පෙනෙන්නට ඇති අතර එම නඩු කටයුතු සඳහා දේශපාලන බලපෑමක් නොවීම සුභවාදී කරුණකි.

(LNW)